Ultimate magazine theme for WordPress.

කොල්කටා කණ්ඩායමෙන් කොවිඩ් ආසාදිත 4 වැනි ක්‍රීඩකයාත් හමු වෙයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්නාට ද කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහුව නම් කිරීමෙන් පැය 24ක් ගත වීමටත් පෙරයි මෙම පුවත වාර්තා වන්නේ.

අයි.පී.එල් තරගාවලිය අතරතුර දී කොල්කටා කණ්ඩාමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැණුනා.

අනතුරුව අද(8) පෙරවරුවේ වාර්තා වුණේ එම කණ්ඩායම නියෝජනය කළ ටිම් සෙයිෆර්ට්ට ද වෛරසය ආසාදනය වී ඇති බවටයි.

කෙසේ වෙතත්, ප්‍රසිද් ක්‍රිෂ්නා අයි.පී.එල් ජෛව ආරක්ෂිත බුබුල තුළ රැදී සිටියදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන නොතිබූ අතර, නිවස කරා පිටත් යාමේ දී යි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇත්තේ.

Leave a comment