Ultimate magazine theme for WordPress.

කොල්කටාවට කඩුලු 7ක ජයක් – Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා.

මනීෂ් පාන්ඩේ ලකුණු 51ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් පන්දුවාර 4 තුළ දී ලකුණු 19ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18ක් අවසානයේ දී යි.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 70යි.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

ඉයන් මෝර්ගන් නොදැවී ලකුණු 42ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 92ක්.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන්, කලීල් අහ්මඩ් සහ ටී නටරාජන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකෙන් එක් තරගයක් ජය ගත් අතර, ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වූ හයිදරාබාද් කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවනවා.

Leave a comment