Ultimate magazine theme for WordPress.

කොරෝනා අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියෙකුත් නෙරපයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබර්ට්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ(14) දිනයේ දී එරට ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක් ද පැවැති බව සදහන්.

එහිදී තීරණය කර ඇත්තේ අන්තර්කාලීන ප්‍රධාන විධායක නිළධාරීයෙකු ඉදිරියේ දී පත් කිරීමටයි.

එළඹෙන බදාදා මෙම පත් කිරීම සිදු කරනු ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

කොරෝනා වංසගත තත්ත්වයත් සමග ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබර්ට්ස්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විවේචන එල්ල වුණා.

ඒ, සේවකයින් පිළිබද ගත් දැඩි තීන්දු තීරණ හේතුවෙන්.

Leave a comment