Ultimate magazine theme for WordPress.

කොදෙව් දැවැන්තයාගෙන් 20යි 20 පිටියේ දී වේගවත් ද්විත්ව ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක රකීම් කෝන්වෝල් 20යි 20 තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

අමෙරිකාවේ පැවැත්වෙන ඇට්ලන්ටා විවෘත 20යි 20 තරගාවලියේ දී Atlanta Fire කණ්ඩායම නියෝජනය කරමිනුයි ඔහු මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව ඇත්තේ.

මෙම තරගයේ දී එම කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ Square Drive කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Atlanta Fire කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් පමණක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්.

කෝන්වෝල් පන්දු 77 කින් නොදැවී ලකුණු 205 ක් රැස් කළේ හයේ පහර 22 කින් හා හතරේ පහර 17 කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 266.23 ක් ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Square Drive කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් Atlanta Fire කණ්ඩායමට ලකුණු 172 ක දැවැන්ත ජයක් හිමි වුණා.

Show Comments (1)