Ultimate magazine theme for WordPress.

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 50%කින් කපා හරී

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලවල වැටුප් සහ අරමුදල් තාවකාලිකව 50%කින් කප්පාදු කිරීමට තීරණය කළ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, කොරෝනා වසංගත තත්ත්වයත් සමග උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන්.

ජූලි මාසයේ සිට මෙම වැටුප් කප්පාදුව සිදු කරන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තාවකාලික ක්‍රියාමාර්ගය මාස 3ත් 6ත් අතර කාලයකට සීමා වනු ඇති බවට ද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.

Leave a comment