Ultimate magazine theme for WordPress.

කොදෙව්වන් ලකුණු 154ක් ඉදිරියෙන් – Day 3 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (13) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලකුණු 41ක් ලබා සිටියා.

මීර්පූර්හී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 409ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 296ක් පමණයි.

කොදෙව් පළමු ඉනිම වෙනුවෙන් ජොශුවා ද සිල්වා ලකුණු 92ක්, Nkrumah Bonner ලකුණු 90ක් සහ අල්සාරි ජෝෂප් ලකුණු 82ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් අබු ජයිඩ් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 4 බැගින් දවා ගත්තා.

බංග්ලාදේශ පළමු ඉනිම ශක්තිමත් කළ ලිටොන් දාස් ලකුණු 71ක් රැස් කළ අතර, මෙහිදි හසාන් ලකුණු 57යි.

පන්දු යැවීමේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Rahkeem Cornwall කඩුලු 5ක් බිද හෙලුවා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට ලකුණූ 154ක් ඉදිරියෙන් පසුවනවා.

 

Leave a comment