Ultimate magazine theme for WordPress.

කොදෙව්වන් පරදා තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට වේලාවෙන් අද(27) පෙරවරුවේ සමත් වුණා.

බාර්බඩෝස්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 45.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 152ක් පමණයි.

එවින් ලුවිස් නොදැවී ලකුණු 55ක් ලබා ගත් අතර, ඩැරන් බ්‍රාවෝ ලකුණු 18යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3ක් දවා ගත්තා. ජොෂ් හේසල්වුඩ්, ඇෂ්ටන් ඒගාර් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 30.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 51ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවට ජය තහවුරු කර දුන්නා. නායක ඇලෙක්ස් කෙරී ලකුණු 35යි.

 

Leave a comment