Ultimate magazine theme for WordPress.

කුසල් සහ තවත් ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වීමේ අවධානමක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තාවනවා.

ඒ, ඊයේ(14) දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

කුසල් ඊයේ තරගයේ දැවී යන තුරුම පිතිකරණයේ නිරත වුවත්, ආබාධය නිසා පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

ඔහු වෙනුවට කඩුලු රැකීමේ කාර්යය සිදු කළේ අතිරේක ක්‍රීඩකයෙකු වූ දිනේෂ් චන්දිමාල් විසිනුයි.

එංගලන්ත තරග සංචාරයේ දී ද කුසල් ජනිත් ආබාධයකට ලක් වූ අතර, අනතුරුව ඔහුට කොවිඩ් 19 වෛරසය ද ආසාදනය වුණා.

පසුව සම්පූර්ණ සුවය ලබා ඔහු දකුණු අප්‍රිකා 20යි 20 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වුවද පළමු 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි වුණේ සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවීම හේතුවෙන්.

මේ අතර, ආබාධයක් හේතුවෙන් ළහිරු මදුෂංකට ද එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

Leave a comment