Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් මුල් පුටුව යළි ශම්මිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා අද(20) යළි තේරී පත් වුණා.

ඒ, මේ වන විට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී යි.

ඔහුගේ පාර්ශවයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙන් ශම්මි සිල්වා මහතා අද දිනයේ දී සභාපති ධූරයට පත් වුණේ නිතරගයෙන්.

ඒ බව නිලවරණ කමිටුව විසින් නිල වශයෙන් නිවේදනය කළා.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් සදහා ඔහුගේ ධූරය බලපැවැත්වෙනු ඇති.

Leave a comment