Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් නිලවරණයේ දී නව නිළධාරී මණ්ඩලයම නිතරගයෙන් පත් වෙයි

ඉදිරි වසර දෙකක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනුවෙන් වන නිලධාරී මන්ඩලය අද(20) තෝරා පත් කර ගනු ලැබුවා.

පෙරවරුවේ ආරම්භ වූ නිලවරණයේ දී සියලු නිළධාරීන් නිතරගයෙන් තේරී පත්වීම විශේෂත්වයක්.

ඒ ප්‍රධාන ප්‍රතිවාදීන් බවට පත්ව සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙන්.

ඒ අනුව හිටපු සභාපති ශම්මි සිල්වා මහතා අද දිනයේ දී යළි සභාපති ධූරයට නිතරගයෙන් තේරී පත් වුණා.

ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා තේරී පත් වූ අතර, උප සභාපතිවරුන් ලෙස තේරී පත් වුණේ රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්.

ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්වරයා ලෙසයි පත් වුණේ.

භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා ද නිතරගයෙන් තේරී පත් වුණා.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් මෙම නිළධාරී මණ්ඩලයේ ධූර කාලය බලපැවැත්වෙනු ඇති.

Leave a comment