Ultimate magazine theme for WordPress.

කසුන් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට – ප්‍රධාන වේග පන්දු යවන්නෙකු සංචිතයට කැදවයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පාදයක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් අසිත මෙම ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මීට පෙර ඇතුළත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට සුවය ලබා ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී කසුන් රාජිත පළමු ඉනිමේ දී කඩුලු 3 ක් හා දෙවැනි ඉනිමේ දී කඩුලු 5 ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඔහු සිය ආබාධය සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වීම සදහා යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a comment