Ultimate magazine theme for WordPress.

කණ්ඩම්බිගෙන් පසු තිසරත් ජැෆ්නා කිංග්ස් පිලට සමු දෙයි

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ජැෆ්නා කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස පළමු අදියර හතරේදීම ඔහු කටයුතු කළා.

ඉන් පළමු තරගාවලි තුනේම ශූරතාවය දිනා ගත්තේ ද තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර, මීට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තිළිණ කණ්ඩම්බි ද තීරණය කළා.

2020 වසරේ දී LPL තරගාවලිය ආරම්භ වීමත් සමග මෙතෙක් පැවැති තරගවාර 4 තුළ දී ම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඔහුයි.

ඒ අනුව 2024 LPL තරගාවලිය සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු වරට නව නායකයෙකු හා නව පුහුණුකරුවෙකු සමග තරග වැදීමට නියමිතයි.

Leave a comment