Ultimate magazine theme for WordPress.

ඕවල් නායිකාවට හන්ඩ්‍රඩ් තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කරන Oval Invincibles කණ්ඩායමේ නායිකා දකුණු අප්‍රිකාවේ Dane van Niekerk ට මෙවර තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඇයගේ දකුණු මාපටැඟිල්ලේ සිදුව ඇති අස්ථි බිඳීයාමක් හේතුවෙන්.

Manchester Originals කණ්ඩායම සමග පැවැති තරගයේ දී යි ඇය මෙම ආබාධයට ලක්ව තිබුණේ.

වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ ඇයට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වන බවයි.

ඇය වෙනුවට Invincibles කණ්ඩායමේ නායිකාව ලෙස ඉදිරි තරගවලදී නවසීලන්තයේ Suzie Bates කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

Dane van Niekerk වෙනුවට සංචිතයට ආදේශ කරන ක්‍රීඩිකාව ඉදිරියේ දී නිවේදනය කරනු ඇති.

තරගාවලියේ ඉතිරි තරග අහිමි වී ඇතත්, තවදුරටත් තමා සංචිතය සමග රැදී සිටිමින් කණ්ඩායමට අවශ්‍ය සහාය ලබා දෙන බවයි van Niekerk සදහන් කළේ.

Leave a comment