Ultimate magazine theme for WordPress.

“ඔයාගෙ කඩුල්ල විසි කරන්න චන්දි” රූට් කියූ ලෙසම චන්දිමාල් කඩුල්ල පූජා කළ හැටි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.(25)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 344ක් ලබා ගත්තා.

අනතරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට සාර්ථක පිතිහරඹයක නිරත වීමට එංගලන්ත දග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැනැ.

ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වීම වෙනුවට ආක්‍රමණකාරී පිතිහරඹයක නිරත වීම තුළින් ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රතිවාදීන්ට කඩුලු පූජා කරන අයුරු මෙම ඉනිමේ දී දැකගත හැකි වූ කැපී පෙනෙන සිදුවීමක්.

එහිදී දිනේෂ් චන්දිමාල්ගේ දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි එංගලන්ත නායක ජෝ රූට් විසින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට සිය කඩුල්ල විසි කරන ලෙසට සදහන් කිරීමත් සමගම චන්දිමාල් අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී යාමයි. “Come on Chandi, Throw Your Wicket Away.”

දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න

Leave a comment