Ultimate magazine theme for WordPress.

එක්දින තරගාවලියට ප්‍රාන්ත රජයේ අනුමැතිය

ඉන්දියාව සහ එංගලන්තය අතර පූනේහී දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මහාරාෂ්‍ට්‍ර ප්‍රාන්ත රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, එම ප්‍රාන්තයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමටයි සිදුව ඇත්තේ.

ක්‍රිකට් බළධාරීන් සහ මහාරාෂ්‍ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම සංචාරක හා පරිසර අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.

එක්දින තරගාවලිය මාර්තු 23, 26 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment