Ultimate magazine theme for WordPress.

එංගලන්තය 234ක් පිටුපසින් – Day 2 Report

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(6) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

ඔලී පෝප් නොදැවී ලකුණු 46යි.

පසුගිය තරගවලදී ඉහළ දක්ෂතා දැක් වූ බෙන් ස්ටොක්ස් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට මොහොමඩ් අබ්බාස් සමත් වුණා.(දැවී යාමේ දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී මොහොමඩ් අබ්බාස් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී අද දිනයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 326ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශාන් මසූඩ් ලකුණු 156ක් ලබා ගත් අතර, බබාර් අසාම් ලකුණු 69 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් සහ ජොෆ්ර ආචර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 234ක්.

තරගය මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Leave a comment