Ultimate magazine theme for WordPress.

ඉල්ලා අස් වූ සභාපතිවරයා වෙනුවට දකුණු අප්‍රිකාවට වැඩබලන සභාපතිවරයෙක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන සභාපතිවරයා ලෙස Beresford Williams පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් සභාපතිධූරයේ රැදී සිටි Chris Nenzani සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

ඒ අනුව Beresford Williams ලබන 5 වනදා පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේ දී නව සභාපතිවරයෙකු පත් කර ගන්නා තුරු අදාළ ධූරයේ වැඩ බලනු ඇති.

සභාපතිවරයා ඉල්ලා අස් වීමෙන් පසුව වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී Jacques Faul ද ධූරයෙන් ඉවත් වීමට තීරණය කළා.

Chris Nenzani දකුණු අප්‍රිකානු ක්‍රිකට් සභාපතිධූරයේ රැදී සිටියේ 2013 වසරේ පෙබරවාරි මාසයේ සිටයි.

Leave a comment