Ultimate magazine theme for WordPress.

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි 20යි 20 තරගය කල් දැමේ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද(27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය හෙට දක්වා කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අද සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස ක්‍රීඩකයන් 8 දෙනෙකු හදුනා ගෙන ඇති බව සදහන්.

ඒ අනුව සියලු සාමාජිකයින් අද දිනයේ දී නැවතත් PCR පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තෙවැනි 20යි 20 තරගය නියමිත පරිදි 29 වනදා පැවැත්වෙන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Leave a comment