Ultimate magazine theme for WordPress.

ඉන්දු – ඔස්ට්‍රේලියා දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඇඩිලේඩ්හී දී

ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කරන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ඇඩිලේඩ් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමක් 1988 වසරෙන් පසුව එම ක්‍රීඩාංගනයේ දී මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නැහැ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන දෙකක් වන 7news.com.au සහ the Sydney Morning Herald වාර්තා කර ඇත්තේ ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 3 වනදා ආරම්භ වීමට නියමිත බවයි.

ගෝලීය කොරෝනා වසංගත අර්බුදය හමුවේ වුව ද මේ පිළිබද නිල ප්‍රකාශයක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන සිකුරාදා දින සිදු කරනු ඇති බව සදහන්.

Leave a comment