Ultimate magazine theme for WordPress.

ඉන්දු – ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම් රෝස පන්දු තරගයක

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන අද(20) ප්‍රකාශයට පත් කෙරුණා.

එම තරග සංචාරයට ටෙස්ට් තරගයක් ද ඇතුළත්ව ඇති අතර, එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.

එම තරගය සැප්තැම්බර් 30 වනදා සිට ඔක්තෝබර් 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම ඉතිහාසගත වන්නේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන ලොව තෙවැනි කාන්තා කණ්ඩායම ලෙසයි.

මීට පෙර ඔස්ට්‍රේලියා සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර 2017 වසරේ දී රෝස පන්දු තරගයක් පවත්වා තිබුණා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර මේ වන විට පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 9ක්.

ඉන් තරග 4ක් ඔස්ට්‍රේලියාව ජය ගත් අතර, සෙසු තරග 5 ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ.

කෙසේ වෙතත්, දෙරටේ කාන්තා කණ්ඩායම් අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2006 වසරේ දී යි.

තරග කාලසටහන –

1st ODI: Sep 19, North Sydney Oval (D/N)

2nd ODI: Sep 22, Junction Oval, Melbourne

3rd ODI: Sep 24, Junction Oval, Melbourne

One-off Test: Sep 30 – Oct 3: WACA (D/N)

1st T20I: Oct 7, North Sydney Oval (N)

2nd T20I: Oct 9, North Sydney Oval (N)

3rd T20I: Oct 11, North Sydney Oval (N)

Leave a comment