Ultimate magazine theme for WordPress.

ඉන්දුනීසියාව පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයකට

පළමු වරට සංවිධාන කරන අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දුනීසියානු යොවුන් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීම සදහා පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් ජය ගැනීමත් සමගයි.

මෙය ඉන්දුනීසියා කණ්ඩායමක් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සදහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයත් වූ තරග තුනේ ලකුණු සාරාංශය –

Match 1 : Indonesia 105/9 (20) defeated Papua New Guinea 68 all out (17.3) by 37 runs
Match 2 : Papua New Guinea 72/6 (18.5) defeated Indonesia 69/9 (20) by four wickets
Match 3 : Indonesia 89/8 (20) defeated Papua New Guinea 87 all out (19.2) by two runs

Leave a comment