Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රීඩකයෙකුට කොරෝනා

එංගලන්ත තරග සංචාරයේ නිරත 23 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින් අතරින් එක් අයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නිමා වීමෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයින් දින 20ක විවේක කාලයක් ගත කළ අතර, එම කාලයේ දී යි අදාළ ක්‍රීඩකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

ඒ අනුව ඔහු මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති බැවින් අද(15) දිනයේ දී සෙසු ඉන්දීය ක්‍රීඩකයින් සමග ඔහුට ඩර්හැම් වෙත පිටත්ව යාමට ද හැකි වන්නේ නැහැ.

වෛරසය ආසාදනය වූයේ කුමන ක්‍රීඩකයාටදැයි මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත්, ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් මෙලෙස කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇති බවයි.

ඉන්දීය කණ්ඩායම ලබන 20 වනදා සිට තෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඉන්දු – එංගලන්ත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment