Ultimate magazine theme for WordPress.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ යළි වෙනසක්

ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ට එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමට එරට ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මීට පෙර එම තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිතව සිටියේ ශිකර් ධවාන් විසින්.

ඒ අනුව සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ධවාන්ව පත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

කේ එල් රාහුල් මීට පෙර ආබාධයකට ලක්ව සිටි අතර, පසුව ඔහුට කොවිඩ් 19 ද ආසාදනය වුණා. ඒ හේතුවෙන් නිමා වූ තරගාවලිය රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වුණා.

ALSO READ : ප්‍රබලයින් කිහිපදෙනෙකු නොමැතිව ඉන්දියාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

එක්දින තරගාවලියට අයත් තරග 3 ලබන 18, 20 හා 22 යන දිනවලදී හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

India’s squad for 3 ODIs:

KL Rahul (Captain) Shikhar Dhawan (vice-captain), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Rahul Tripathi, Ishan Kishan (wicket-keeper), Sanju Samson (wicket-keeper), Washington Sundar, Shardul Thakur, Kuldeep Yadav, Axar Patel, Avesh Khan, Prasidh Krishna, Mohd Siraj, Deepak Chahar.

Leave a comment