Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට හා කියූ ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්තානයට හා නවසීලන්තයට දොර වසයි

ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගය සහ නවසීලන්තයට එරෙහි එක්දින තරග 3 ලබන 2021/22 තරග වාරය සදහා කල් දැමූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

එළඹෙන ගිම්හාන සෘතුවේ දී මෙම තරග එරට දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තරග කල් දමා ඇති බව සදහන්.

කෙසේ වෙතත්, එළඹෙන ගිම්හාන සෘතුවේ දී ඉන්දියාවට එරෙහිව තරගාවලි සංවිධාන කිරීමට ඔස්ට්‍රේලියාව සූදානමින් පසුවනවා.

එහිදී දෙරට අතර ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Leave a comment