Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන 16 හැවිරිදි දග පන්දු යවන්නා IPL තරගාවලියට – මහරාජ් රෝයල්ස් සමග එක්වෙයි

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු ආබාධයකට මුහුණ දී සිටීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

මුජීබ් 2024 අයි.පී.එල් අදියරේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි අතර, ඒ අනුව ඔහු වෙනුව‍ට ඇෆ්ඝනිස්තාන 16 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Allah Ghazanfar සංචිතයට ආදේශ කිරීමටයි කොල්කටා කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් දකුණු අප්‍රිකා දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් සමග මෙවර තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

ශල්‍යකර්මයකට මුහුණ දී සුවය ලබිමින් සිටින ප්‍රසිද් ක්‍රිෂ්නා වෙනුවට ඔහුව සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a comment