Ultimate magazine theme for WordPress.

ඇන්ඩර්සන්ට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමි වෙයි ; ඇමෙරිකා සංචිතය මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ඇමෙරිකා එක්සත් ජනපද සංචිතය නම් කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, මොනාක් පටෙල්ගේ  නායකත්වයෙන් යුත් ඇමෙරිකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක Abhishek Paradkar සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රධාන තරගාවලියට කණ්ඩායම් තෝරා ගැනීම වෙනුවෙන් පසුගිය මාසයේ පැවැති අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන Qualifier Playoff තරගාවලියට එක් වූ ඇමෙරිකා සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයේ වෙනත් කිසිදු වෙනසක් සිදුව නැහැ.

2020 වසරේ දී නවසීලන්තයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ කොරේ ඇන්ඩර්සන්ට මේ වන විට ඇමෙරිකා කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පැවතුණ ද මෙම සංචිතය සදහා ඔහුව නම් කර නැහැ.

තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින ඇමෙරිකාවේ ප්‍රතිවාදීන් වන්නේ නෙදර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සත්කාරක සිම්බාබ්වේ හා නේපාලය යන රටවල්.

තරගාවලියට පෙර පුහුණු තරග දෙකකට ඔවුන් එක්වීමට නියමිත අතර, ඉන් එක් තරගයක් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

USA squad:

Monank Patel (c & wk), Aaron Jones (vice-capt), Shayan Jahangir (wk), Nosthush Kenjige, Ali Khan, Sushant Modani, Sai Mukkamalla, Saurabh Netravalkar, Abhishek Paradkar, Nisarg Patel, Kyle Phillip, Usman Rafiq, Gajanand Singh, Jessy Singh, Steven Taylor

Leave a comment