Ultimate magazine theme for WordPress.

ආසියානු ක්‍රිකට් කවුන්සලය රටවල් අතර මුදල් බෙදා හැරීමේ ක්‍රමවේදය වෙනස් කරයි

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සිය මුදල් බෙදාහැරීමේ ආකෘතිය සංශෝදනයකට ලක් කර තිබෙනවා.

ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියෙන් ලබන ආදායමෙන් ඇෆ්ඝනිස්තානයට ලබා දෙන මූල්‍ය කොටස ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.

ඇෆ්ඝනිස්තානය 2017 වසරේ දී අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය ලබා ගත්ත ද, 2018 හා 2022 වසරවලදී ඔවුන්ට එම ආදායමෙන් හිමි වූයේ අඩු කොටසක්.

සෙසු අයි.සී.සී පූර්ණ සාමාජික ආසියානු රටවල් අතරේ ආදායම් කොටස් සමානව බෙදී ගියා.

කෙසේ වෙතත්, සංශෝදිත නව ආකෘතියට අනුව සියලු ආසියානු ටෙස්ට් රටවල් අතරේ ආදායම සමානව බෙදී යාමට නියමිතයි.

ඒ අනුව ඇෆ්ඝනිස්තානයට ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් හිමිවන ආදායම් කොටස 6% සිට 15% දක්වා ඉහළ යනු ඇති.

ඇෆ්ඝනිස්තානයේ ආදායම් කොටස ඉහළ නැංවීම හේතුවෙන් සෙසු ටෙස්ට් රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශයට ඉදිරියේ දී හිමි වීමට නියමිතව ඇත්තේ මීට පෙර හිමි වූ මූල්‍ය කොටසට වඩා අඩු මුදලක්.

ඒ අනුව ඉදිරියේ දී ටෙස්ට් රටවල් 5 සදහා 15% බැගින් සමාන ආදායම් කොටසක් හිමි වීමට නියමිත අතර, ඉතිරි මූල්‍ය කොටස අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති ආසියානු රටවල් අතර බෙදා හරිනු ඇති.

Leave a comment