Ultimate magazine theme for WordPress.

ආචර්ට 20යි 20 තරගාවලිය අහිමි වීමේ අවධානමක්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ වැළමිටක හටගෙන ඇති ආබාධ තත්ත්වය හේතුවෙන්.

ආබාධය නිසා ඔහු නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

ඒ අනුව ජොෆ්ර ආචර්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉදිරි දිනවලදී පරීක්ෂා කර බලා ඔහු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 12 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment