Ultimate magazine theme for WordPress.

අවසන් තරගයේ දී ඇන්ඩර්සන්ට එරෙහිව ජයසූරිය තැබූ ලෝක වාර්තාව

ටෙස්ට් තරග 110 කදී ශ්‍රී ලංකාව නියෝජනය කල අද්විතීය පිතිකරුවකු වන සනත් ජයසූරිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන්නේ 2007 වසරේ අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ එංගලන්තය සමග පැවති තරගයකින් පසුවයි.

සිය අවසන් ටෙස්ට් ඉනිමේදී අනර්ඝ පිතිහරඹයක් ක්‍රියාත්මක කිරීමට සමත්වන ඔහු ලකුණු 78 ක් ලබාගැනීමට සමත්වන්නේ පන්දු 106 කට මුහුණ දෙමින්.

එම ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහරවල් 10 කින් වර්ණවත්වී තිබුණා.

සිය අවසන් ටෙස්ට් ඉනිමද අමතක නොවන ඉනිමක් බවට ජයසූරීය පත් කළේ විසි පස් හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් යොමු කළ පන්දුවාරයකට නොකඩවා හතරේ පහරවල් හයක් වාර්තාව කරමින්.

ඔහුට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී පන්දුවාරයකට අඛණ්ඩව හතරේ පහරවල් හයක් වාර්තා කිරීමට සමත්වී තිබුණේ පිතිකරුවන් දෙදෙනෙකු පමණයි.

ඒ කොදෙව් දේශයේ ක්‍රිස් ගේල් සහ රාම්නරේෂ් ශර්වාන්.

ක්‍රිස් ගේල් 2004 වසරේ දී එංගලන්තයට එරෙහිවද, රාම්නරේෂ් ශර්වාන් 2006 වසරේ දී ඉන්දියාවට එරෙහිව ද මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වුණා.

සනත් ජයසූරියට පසුව අද වනතුරු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේදී මෙම දස්කම දැක්වීමට කිසිදු පිතිකරුවෙකු සමත්වී නැහැ.

(තිලකරත්න ඩිල්ෂාන් එක්දින පිටියේදී මෙම දස්කම 2015 වසරේ දී දක්වා ඇත.)

සනත් ජයසූරියගේ හතරේ පහර 6 ඇතුළත් වීඩියෝ දර්ශන පහතින් –

Leave a comment