Ultimate magazine theme for WordPress.

අලුබදුන සංචාරයට එංගලන්ත ලයන්ස් සංචිතය නම් කෙරේ

එළඹෙන ඔස්ට්‍රේලියානු අලුබදුන තරග සංචාරයට සමගාමීව එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිදු කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු සංචාරය සදහා වන ලයන්ස් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඩොම් සිබ්ලි හා බෙන් ෆෝක්ස් ඇතුළු ටෙස්ට් වරම් හිමි ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත්.

Josh Bohannon, Jamie Smith, Liam Norwell, Rob Yates එංගලන්ත ලයන්ස් සංචිතයට කැදවා ඇත්තේ පළමු වරටයි.

මෙවර ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායම නියෝජනය කළ සකිබ් මහ්මූද්, මැට් පාර්කින්සන් හා Brydon Carse ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

ලයන්ස් ක්‍රීඩකයින් ද අලුබදුන තරගාවලියට නම් කළ එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් සමග නොවැම්බර් 4 වනදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

සංචාරයේ දී ලයන්ස් කණ්ඩායම අභ්‍යන්තර සංචිත තෙදින පුහුණු තරගයකට හා සිව්දින තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සමග ද සිව්දින තරගයකට ක්‍රීඩා කරනු ඇති.

Lions squad to tour Australia:

Tom Abell (Somerset), Josh Bohannon (Lancashire), James Bracey (Gloucestershire), Brydon Carse (Durham), Mason Crane (Hampshire), Matthew Fisher (Yorkshire), Ben Foakes (Surrey), Alex Lees (Durham), Saqib Mahmood (Lancashire), Liam Norwell (Warwickshire), Matt Parkinson (Lancashire), Dom Sibley (Warwickshire), Jamie Smith (Surrey), Rob Yates (Warwickshire)

Leave a comment