Ultimate magazine theme for WordPress.

අයි.පී.එල් නිසා ප්‍රබල දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් පාකිස්තාන තරගාවලියට නැහැ

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20යි 20 තරගාවලි සදහා වන දකුණු අප්‍රිකා සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් කිසිදු සංචිතයකට මෑතකදී ටෙස්ට් පිටියෙන් සමු ගත් ෆෆ් ඩු ප්ලෙසිස් නම් කර නොතිබීම විශේෂත්වයක්.

කාගිසේ රබාඩා, අන්රිච් නොකියා, ඩේවිඩ් මිලර්, ක්වෙන්ටන් ඩී කොක් සහ ලුන්ගි එන්ගිඩී යන ක්‍රීඩකයින් එක්දින සංචිතයට නම් කර ඇතත්, ඔවුන් 20යි 20 තරගාවලියට නම් කර නැහැ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එම ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම මීට හේතු වී ඇති බව සදහන්.

පාකිස්තාන කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 4ක් ඇතුළත්.

පළමු එක්දින තරගය අප්‍රේල් 2 වනදා සෙන්චූරියන් හී දී පැවැත්වීමට නියමිතයි.

South Africa ODI squad:Temba Bavuma (C), Quinton de Kock (wk), Beuran Hendricks, Heinrich Klaasen, Janneman Malan, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi, Jon-Jon Smuts, Rassie van der Dussen, Junior Dala, Lutho Sipamla, Wiaan Mulder, Sisanda Magala, Kyle Verreynne, Daryn Dupavillon, Lizaad Williams.

South Africa T20 squad:Temba Bavuma (C), Bjorn Fortuin, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Rassie van der Dussen, Janneman Malan, Sisanda Magala, Dwaine Pretorius, Tabraiz Shamsi, Lutho Sipamla, Kyle Verreynne (wk), Pite van Biljon, Migael Pretorius, Lizaad Williams, Wihan Lubbe.

Leave a comment