Ultimate magazine theme for WordPress.

අයර්ලන්තයට කඩුලු 7ක ජයක්

Match Report

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට අයර්ලන්තය අද(18) සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 7 කින් පරාජයට පත් වූයේ නෙදර්ලන්ත කණ්ඩායමයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසිය වාසිය දිනු නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

Max O’Dowd ලකුණු 51 ක් රැස් කළා.

සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ කර්ටිස් කැම්පර් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තා.

ඔහු එම කඩුලු හතරම පිට පිට පන්දු 4කදී දවා ගැනීම විශේෂත්වයක්.

Mark Adair ලකුණු 9කට කඩුලු තුනක් ද බිඳ හෙලීමට සමත් වුණා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 15.1 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පෝල් ස්ටර්ලින් නොදැවී ලකුණු 30ක් ද, Gareth Delany ලකුණු 44 ක් ද රැස් කළා.

Leave a comment