Ultimate magazine theme for WordPress.

අබ්දුර් රසාක් තේරීම් කමිටුවට

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව සදහා එරට හිටපු දග පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් පත් කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ දී ඔහු තේරීම් කමිටුවට නම් කිරීමට අවධානය යොමුව තිබූ නමුත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ පත් කිරීම කල් දැමීමටයි සිදු වුණේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ බළධාරීන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීමකදී මෙම පත් කිරීමට අවසර ලබා දුන් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තමා ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට අබ්දුර් රසාක් විසින් මෙතෙක් නිවේදනය කර නොමැති පසුබිමක ඔහු තේරීම් කමිටුවට පත් කර තිබීම ද විශේෂත්වයක්.

මේ වන විට බංග්ලාදේශ තේරීම් කමිටු සාමාජිකයින් ලෙස Minhajul Abedin සහ Habibul Bashar කටයුතු කරනවා.

Leave a comment