Ultimate magazine theme for WordPress.

අපි යන්න‍ෙ තරගාවලිය ජය ගැනීමේ අරමුණින් : රාහුල් ඩ්‍රාවිඩ් ලංකාවට එන්න කළින් කියූ දේ

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරගාවලි ජය ගැනීම ප්‍රමුඛතම අරමුණ බව ශ්‍රී ලංකා සංචාරය සදහා වන ඉන්දීය සංචිතයේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පවසනවා.

එක්දින තරග 3කට සහ 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

අත්දැකීම් ලබා ගැනීමට සහ තරඟ ක්‍රීඩා කිරීමට කාලය ලබා ගැනීමට ක්‍රීඩකයන්ට උදව් කිරීම නොව, හොදම කණ්ඩායම් සංයුතියක් සමග තරගාවලිය ජය ගැනීම වැදගත් බවයි පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ අදහස වී ඇත්තේ.

“මූලික පරමාර්තය එයයි (තරගාවලිය ජය ගැනීම). තරගාවලිය ජය ගන්න අප උත්සාහ කරන අතරතුර ක්‍රීඩකයින්ට පුලුවන්නම් හොදින් දක්ෂතා දක්වන්න ඔවුන්ට අවස්ථාවක් උදා වෙනවා තේරීම් කමිටුවේ දොරට තට්ටු කරන්න (20යි 20 ලෝක කුසලානය වෙනුවෙන්).” යනුවෙන් ඔහු පවසා සිටියා.

සංචිතයට ඇතුළත්ව ඇති ඇතැම් නවක ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ දී තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති.

“ඔබ සංවර්ධිත මට්ටමක වැඩ කරනකොට අරමුණු වෙනස්. අපිට මෙතනදි තියෙන්නේ ගොඩක්ම වෙනස් අරමුණක්. මේක කෙටි තරගාවලියක්. ඉතිං හැමෝටම අවස්ථාවක් ලබා දෙන්න නොහැකි වේවි.” 

“තරගාවලිය ජය ගැනීම සදහා අපි හිතන හොදම සංයුතිය සමග අපි එනවා. ගොඩක් තරුණ ළමයි ඉන්නවා. ඔවුන් ක්‍රීඩා නොකෙරුවත් ඉන්දීය කණ්ඩායම සමග රැදී ඉන්න ලැබුණු අවස්ථාව වගේම (ශිකර්) ධවාන්, බුවි (බුවනේෂ්වර් කුමාර්), සහ අනෙක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග ක්‍රියා කරන්න ලැබීම නිසා මෙය ඔවුන්ට හොද අත්දැකීමක් වෙයි”

“මේ සංචාරයට ගොඩක් තරුණයින් ඉන්නවා වගේම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අවස්ථාවක් ලැබේවි. හැමෝටම අවස්ථාවක් ලැබෙවිද? බොහෝ විට 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සිටීම නිසා එය ටිකක් යථාර්ථවාදී නොවේ.”

ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම අද(28) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයින් ජූනි 29 වනදා සිට ජූලි 1 දක්වා හෝටල් කාමර තුළම නිරෝධායනට ලක් කෙරෙන අතර, අනතුරුව ඉන්දීය කණ්ඩායමට ජූලි 2-4 කාලයේ දී  නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව හිමි වනු ඇති.

ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි.

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග කාලසටහන –

13th July 2021 : 1st ODI – RPICS, Colombo Day Night
16th July 2021 : 2nd ODI – RPICS, Colombo Day Night
18th July 2021 : 3rd ODI – RPICS, Colombo Day Night

21st July 2021 : 01st T20i – RPICS, Colombo Night
23rd July 2021 : 02nd T20i – RPICS, Colombo Night
25th July 2021 : 03rd T20i – RPICS, Colombo Night

Leave a comment