Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිවේදනය කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන අද(29) නිවේදනය කෙරුණා.

ඒ අනුව එම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 10 වනදා කොදෙව් කණ්ඩායම දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

කොදෙව් කණ්ඩායම නොවැම්බර් 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට ද එක් වීමට නියමිතයි.

අනතුරුව පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a comment