Ultimate magazine theme for WordPress.

IPL වෙන්දේසියට පෙර කෝටි 884 කට කණ්ඩායම් විසින් රඳවා ගත් ක්‍රීඩකයින් 33 දෙනා

ලොව ප්‍රමුඛතම ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2022 තරග වාරයට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට තවත් ඇත්තේ සතියක පමණ කාලයක්.

මෙවර දින දෙකක් පුරා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය බැංගලූරු හී දී ආරම්භ වන්නේ එළඹෙන 12 වනදායි.

තරගාවලිය සදහා මෙම වසරේ සිට නව කණ්ඩායම් දෙකක් ද එක් වීමට නියමිතයි.

අහ්මදාබාද් සහ ලක්නව් යන නගර කේන්ද්‍ර කර ගනිමිනුයි එම කණ්ඩායම් දෙක අයි.පී.එල් තරග බිමට පිවිසෙන්නේ.

දැවැන්ත මුදල් කන්දරාවක් හුවමාරු වන ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන අයි.පී.එල් තරගාවලියේ දී ක්‍රීඩකයන් සදහා ද හිමිවන මුදල් ප්‍රමාණය සුලුපටු නැහැ.

ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් තුළ රඳවා ගැනීමට හැකි උපරිම ක්‍රීඩකයින් ගණන 4 දක්වා අවම කිරීමට මෙවර පියවර ගැණුනා.

එමෙන්ම කණ්ඩායමේ රඳවා ගන්නා ක්‍රීඩකයන් වෙනුවෙන් හා වෙන්දේසියේ දී මිලදී ගන්නා ක්‍රීඩකයින් වෙනුවෙන් එක් කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය ඉන්දිය රුපියල් කෝටි 90 දක්වා ඉහළ නැංවීමට ද තරගාවලියේ සංවිධායකයින් මෙවර පියවර ගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 244 කට ආසන්න අගයක්.

මේ වන විට සෑම කණ්ඩායමක්ම ක්‍රීඩක වෙන්දේසියට පෙර තම කණ්ඩායමේ රඳවා ගන්නා ක්‍රීඩකයන් ගණන නිවේදනය කර අවසන්.

ඇතැම් කණ්ඩායම් රදවා ගත හැකි උපරිම ක්‍රීඩකයින් ප්‍රමාණය වන ක්‍රීඩකයන් 4 දෙනා බැගින් සිය කණ්ඩායමේ රඳවා ගනිද්දි ඇතැම් කණ්ඩායම් රදවා ගත හැකි උපරිම ක්‍රීඩක ප්‍රමාණයට අඩු ක්‍රීඩක ප්‍රමාණයක් රඳවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වන අදියර සදහා වන ක්‍රීඩක වෙන්දේසියට පෙර, ඒ ඒ කණ්ඩායම් විසින් (මෙතෙක් පැවැති කණ්ඩායම් 8 විසින්) සිය කණ්ඩායම්වල රඳවා ගැනීමට කටයුතු කර ඇති සමස්ථ ක්‍රීඩකයන් ගණන 27 ක්.

තරගාවලියට අලුතින් එක් වූ ලක්නව් හා අහ්මදාබාද් යන කණ්ඩායම් ද ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් තිදෙනා බැගින් මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩකයින් 33 දෙනා වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් වැය කර ඇති සම්පූර්ණ මුදල ඉන්දීය රුපියල් කෝ්ටි 318 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 862 කට ආසන්න අගයක් වනවා.

ඒ ඒ කණ්ඩායම් විසින් රඳවාගෙන හා මිලදී ගෙන ඇති ක්‍රීඩක ලයිස්තුව පහතින් –

01. චෙන්නායි සුපර් කිංග්ස්

  • රවින්ද්‍ර ජඩේජා – ඉන්දිය රු. කෝටි 16 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 43.4 කට ආසන්න මුදලක් )
  • එම්.එස්.දෝනී – ඉන්දිය රු. කෝටි 12 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 32.5 කට ආසන්න මුදලක් )
  • මෝයීන් අලී – ඉන්දිය රු. කෝටි 8 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 21.7 කට ආසන්න මුදලක් )
  • රුටුරාජ් ගයික්වඩ් – ඉන්දිය රු. කෝටි 6 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 16.3 කට ආසන්න මුදලක් )

02. කොල්කටා නයිට් රයිඩර්ස්

  • ඇන්ඩ්‍රේ රසල් – ඉන්දිය රු. කෝටි 12 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 32.5 කට ආසන්න මුදලක් )
  • වරුන් චක්‍රවර්තී – ඉන්දිය රු. කෝටි 8 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 21.7 කට ආසන්න මුදලක් )
  • වෙන්කටේශ් අයියර් – ඉන්දිය රු. කෝටි 8 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 21.7 කට ආසන්න මුදලක් )
  • සුනිල් නරේන් – ඉන්දිය රු. කෝටි 6 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 16.3 කට ආසන්න මුදලක් )

03. සන් රයිසස් හයිද්‍රාබාද්

  • කේන් විලියම්සන් – ඉන්දිය රු. කෝටි 14 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 38 කට ආසන්න මුදලක් )
  • අබ්දුල් සමාද් – ඉන්දිය රු. කෝටි 04 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 10.8 කට ආසන්න මුදලක් )
  • උම්රාන් මලික් – ඉන්දිය රු. කෝටි 04 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 10.8 කට ආසන්න මුදලක් )

04. මුම්බායි ඉන්දියන්ස්

  • රෝහිට් ෂර්මා – ඉන්දිය රු. කෝටි 16 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 43.4 කට ආසන්න මුදලක් )
  • ජස්ප්‍රිට් බුම්රා – ඉන්දිය රු. කෝටි 12 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 32.5 කට ආසන්න මුදලක් )
  • සූර්යකුමාර් යාදේව් – ඉන්දිය රු. කෝටි 8 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 21.7කට ආසන්න මුදලක් )
  • කයිරන් පොලාඩ් – ඉන්දිය රු. කෝටි 06 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 16.3 කට ආසන්න මුදලක් )

05. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

  • විරාට් කෝලි – ඉන්දිය රු. කෝටි 15 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 40.7 කට ආසන්න මුදලක් )
  • ග්ලේන් මැක්ස්වෙල් – ඉන්දිය රු. කෝටි 11 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 29.8 කට ආසන්න මුදලක් )
  • මොහොමඩ් සිරාජ් – ඉන්දිය රු. කෝටි 07 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 19 කට ආසන්න මුදලක් )

06. දිල්ලී කැපිටල්ස්

  • රිෂාබ් පාන්ට් – ඉන්දිය රු. කෝටි 16 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 43.4 කට ආසන්න මුදලක් )
  • අක්සාර් පටෙල් – ඉන්දිය රු. කෝටි 9 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 24.4කට ආසන්න මුදලක් )
  • ප්‍රිත්වි ෂෝ – ඉන්දිය රු. කෝටි 7.5 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 20.3 කට ආසන්න මුදලක් )
  • අන්රිච් නොකියා – ඉන්දිය රු. කෝටි 6.5 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 17.6 කට ආසන්න මුදලක් )

07. රාජස්තාන් රෝයල්ස්

  • සංජු සැම්සන් – ඉන්දිය රු. කෝටි 14 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 38 කට ආසන්න මුදලක් )
  • ජොස් බට්ලර් – ඉන්දිය රු. කෝටි 10 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 27.1 කට ආසන්න මුදලක් )
  • යශස්වි ජයිස්වාල් – ඉන්දිය රු. කෝටි 04 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 10.8 කට ආසන්න මුදලක් )

08. පංජාබ් කිංග්ස්

  • මායන්ක් අගර්වාල් – ඉන්දිය රු. කෝටි 14 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 38 කට ආසන්න මුදලක් )
  • අර්ශ්දීප් සිංග් – ඉන්දිය රු. කෝටි 04 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 10.8 කට ආසන්න මුදලක් )

09. ලක්නව් සුපර් ජයන්ට්ස්

  • කේ එල් රාහුල් – ඉන්දිය රු. කෝටි 17 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 46.1 කට ආසන්න මුදලක් )
  • මර්කස් ස්ටොයිනිස් – ඉන්දිය රු. කෝටි 9.2 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් )
  • රවී බිෂ්නෝයි – ඉන්දිය රු. කෝටි 04 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 10.8 කට ආසන්න මුදලක් )

10. අහ්මදාබාද් කණ්ඩායම

  • හර්ඩික් පාන්ඩ්යා – රවීන්ද්‍ර ජඩේජා – ඉන්දිය රු. කෝටි 15 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 40.7 කට ආසන්න මුදලක් )
  • රෂීඩ් ඛාන් – ඉන්දිය රු. කෝටි 15 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 40.7 කට ආසන්න මුදලක් )
  • ශුබ්මන් ගිල් – රවින්ද්‍ර ජඩේජා – ඉන්දිය රු. කෝටි 08 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 21.7 කට ආසන්න මුදලක් )
Leave a comment