Ultimate magazine theme for WordPress.

සංගා මෙහෙයවන බට්ලර්, ස්ටෝක්ස් සිටින රාජස්ථාන් ප්‍රබල සංචිතය මෙන්න

පසුගිය 9 වනදා ආරම්භ වූ මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉතිහාසයට එක්වුණේ කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ නියෝජනයක් නොමැතිව පවත්වන ප්‍රථම IPL තරගාවලිය ලෙස බව ඔබ හොදින් දන්නා කරුණක්.

14 වන වරට පැවැත්වෙන මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීගයට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ක්‍රීඩා නොකළ ද පුහුණුකාර ධූර දෙකක් සහ කණ්ඩායම් අධ්‍යක්ෂක ධූරයක් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුට මෙවර හිමිව තිබෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක ධූරය හිමිව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට එම කන්ඩායමේ සියලු කටයුතු සම්බන්ධයෙන් දැවැන්ත වගකීමක් පැවරී ඇති බව දක්නට ලැබෙනවා.

පසුගිය තරග වාරයේ දී අවසන් ස්ථානයෙන් සෑහීමකට පත් වීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට සිදු වුව ද, මෙවර තරගාවලියේ දී සුවිශේෂී වෙනස්කම් කිහිපයක් සමගින් ප්‍රබල සංචිතයක් නම් කිරීමට එම කණ්ඩායම සමත්වී තිබෙනවා.

රාජස්තාන් කණ්ඩායමේ හිටපු නායකයා වන ස්ටීවන් ස්මිත් කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සමග නව නායකත්වය නවක පිතිකරු සංජු සැම්සන්ට පැවරී තිබෙනවා.

බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, ජොෆ්ර ආචර් සහ ක්‍රිස් මොරිස් වැනි සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම රාජස්තාන් කණ්ඩායමේ සිටින අතර, මෙවර තරගාවලියේ දී ඔවුන් පසුගිය වසරට සාපේක්ෂාව යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ඇති බවට බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් අපේක්ෂාවෙන් පසුවනවා.

රාජස්ථාන් රෝයල්ස් සංචිතය :

Sanju Samson (c), Ben Stokes, Jofra Archer, Jos Buttler, Riyan Parag, Shreyas Gopal, Rahul Tewatia, Mahipal Lomror, Kartik Tyagi, Andrew Tye, Jaydev Unadkat, Mayank Markande, Yashasvi Jaiswal, Anuj Rawat, David Miller, Manan Vohra, Christopher Morris, Shivam Dube, Chetan Sakariya, Mustafizur Rahman, Liam Livingstone, K.C. Cariappa, Akash Singh, Kuldip Yadav.

 

Leave a comment