Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රීඩකයන්ගේ පිතිකරණ සාමාන්‍ය සහ ප්‍රහාරාත්මක වේගයන් මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු 20යි 20 තරග දෙක විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 2 – 0 ක තරගාවලි පරාජයකට මුහුණ දීමටයි සිදුවුණේ.

තරුණ ජවය සමගින් වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමේ අරමුණින් නම් කළ ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමට අවසානයේ ලකුණු 130 ක් සම්පූර්ණ කිරීමටවත් මෙතෙක් අවස්ථාවක් නොලැබී යාම ඉතා ඛේදනීය තත්ත්වක්.

තරග දෙක තුළම ශ්‍රී ලංකා 20යි 20 පිතිකරුවන්ගෙන් දක්නට ලැබුණේ ඉතාමත් දියාරු පිතිකරණ විලාශයක් බව නොරහසක්.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායකයා වන කුසල් ජනිත් පෙරේරා පුන පුනා පවසා සිටි Fearless Cricket හෙවත් නිර්භය ක්‍රිකට් රටාව ඔවුන්ගෙන් දැකගැනීමට ලැබුණේම නැති තරම්.

වර්ථමාන ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ලන්ම පාහේ ඉනිමක් තුළ හොඳ ලකුණු ප්‍රමාණයක් අඛණ්ඩව ලබා ගැනීමේ අරගලයට මුහුණ පා සිටින බව ලොව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සියල්ලන්ම වාගේ දන්නා කරුණක්.

ඉතින් එංගලන්ත තරග සංචාරයේ නිරතවෙන ශ්‍රී ලංකා පිතිකරුවන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් පවත්වාගෙන යන 20යි 20 පිතිකරණ සාමාන්‍ය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප තීරණය කළා.

01. දනුෂ්ක ගුණතිලක

ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර 20යි 20 ඉනිම ගණන 28 ක්. ලබාගෙන ඇති ලකුනු සංඛ්‍යාව 564 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 20.14 ක්. ප්‍රහාරාත්මක වේගය 121.29 යි. අර්ධ ශතක 3 ක් රැස්කර ඇත.

02. අවිශ්ක ප්‍රනාන්දු

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 16 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 201 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 12.56 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 96.63 යි. අර්ධ ශතක රැස්කර නැත. ඉනිමක හොඳම ලකුණු ප්‍රමාණය 37 යි.

03. පැතුම් නිස්සංක

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර 20යි 20 ඉනිම ගණන 03 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 81 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 27.0 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 115.71 යි. අර්ධ ශතක රැස්කර නැත. ඉනිමක හොඳම ලකුණු ප්‍රමාණය 39 යි.

04. කුසල් ජනිත් පෙරේරා ( c )

ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 48 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1,344 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 28.0 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 133.46 යි. අර්ධ ශතක 12 ක් රැස්කර ඇත.

05. නිරෝෂන් දික්වැල්ල

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 26 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 469 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 18.76 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 135.15 යි. අර්ධ ශතක 1 ක් රැස්කර ඇත.

06. කුසල් මෙන්ඩිස්

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 28 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 532 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 19.0 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 126.96 යි. අර්ධ ශතක 5 ක් රැස්කර ඇත.

07. ධනංජය ද සිල්වා

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 16 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 334 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 20.87 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 109.50 යි. අර්ධ ශතක 2 ක් රැස්කර ඇත.

08. ඕෂද ප්‍රනාන්දු

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 5 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 109 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 27.25 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 125.28 යි. අර්ධ ශතක 1 ක් රැස්කර ඇත.

09. දසුන් ශානක

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 41 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 541 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 16.39 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 109.73 යි. අර්ධ ශතක 2 ක් රැස්කර ඇත.

10. වනිඳු හසරංග

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 15 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 162 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 16.2 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 113.28 යි. අර්ධ ශතක රැස්කර නැත. ඉනිමක හොඳම ලකුණු ප්‍රමාණය 44 යි.

11. ඉසුරු උදාන

ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම ගණන 23 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 255 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 21.25 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 141.66 යි. අර්ධ ශතක 1 ක් රැස්කර ඇත.

මෙතෙක් සංචිතයේ රැදීසිටින ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා නොමැති ක්‍රීඩකයන්ගේ දේශීය 20යි 20 තරග වාර්තා අනුව,

12. රමේෂ් මෙන්ඩිස්

ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස ඉනිම ගණන 30 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 583 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 27.76 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 128.98 යි. අර්ධ ශතක 2 ක් රැස්කර ඇත.

13. චරිත් අසලංක

ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස ඉනිම ගණන 24 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 479 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 23.95 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 127.39 යි. අර්ධ ශතක 1 ක් රැස්කර ඇත.

14. ධනංජය ලක්ෂාන්

ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස ඉනිම ගණන 23 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 294 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 15.47 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 127.82 යි. අර්ධ ශතක 1 ක් රැස්කර ඇත.

15. චාමික කරුණාරත්න

ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස ඉනිම ගණන 17 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 143 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 15.88 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 112.59 යි. අර්ධ ශතක රැස්කර නැත. ඉනිමක හොඳම ලකුණු ප්‍රමාණය 41* යි.

16. ඉෂාන් ජයරත්න

ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස ඉනිම ගණන 32 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 478 යි. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 22.76 ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 149.84 යි. අර්ධ ශතක රැස්කර නැත. ඉනිමක හොඳම ලකුණු ප්‍රමාණය 48* යි.

Leave a comment