Ultimate magazine theme for WordPress.

වසර 25 ට පෙර මුහුණට මුහුණ ගැටුණු ප්‍රබල ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා කණ්ඩායම් දෙක මෙන්න

සෑම වසරකම මාර්තු 17 වනදා, එනම් අද දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඉතාමත් සුවිශේෂී දවසක් කිව්වොත් නිවැරදියි.

ඒ, 1996 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකයක් මවිත කරමින් ලෝක ක්‍රිකට් ශූරතාවයට උරුමකම් කියනු ලැබුවේ අද වැනි දිනක වීම හේතුවෙන්.

2021 වසරේ මාර්තු මස 17 වනදා වනදා වන අද දිනයට එම විජයග්‍රහණයට වසර 25 ක් සම්පූර්ණ වී තිබෙනවා.

වසර 25 කට ඉහත ලෝක කුසලාන අවසන් මහා තරගයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගවැදීමට සිදුවුණේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට කිසිදු අවස්ථාවක් නැති බවට ඇතැම් විචාරක මත පලවුණත් අවාසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගගේ උපක්‍රමශීලී නායකත්වය ඒ සියලු මත පරාජයට පත් කළා.

තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් පුදුමයට පත්කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කිරීමට විශේෂත්වයක්.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානුවන්ට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී රැස්කර ගැනීමට හැකිවන්නේ ලකුණු 241ක් පමණයි.

නායක මාර්ක් ටේලර් පන්දු 83 කදී ලකුණු 74 ක් රැස්කළ අතර, රිකී පොන්ටින් පන්දු 73 කදී ලකුණු 45 යි.

ස්ටුවර්ට් ලෝ ලකුණු 22(30) ක්ද, මයිකල් බෙවන් පන්දු 49 කදී නොදැවී ලකුණු 36 ක් ද රැස්කළා.

මාක් වෝ, ස්ටීව් වෝ හා ශේන් වෝන් ඇතුළු අනෙකුත් පිතිකරුවන්ට ලකුණු 15 සීමාව පසුකර යාමේ අවස්ථාවක් ශ්‍රී ලංකා පන්දුවන්නන් ලබාදුන්නේ නැහැ.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ අරවින්ද ද සිල්වා පන්දුවාර 9 ක් තුළ ලකුණු 42 කට කඩුලු 3 ක් බිඳ හෙලවා.

චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන හා සනත් ජයසූරිය අතරේ කඩුල්ල බැගින් බෙදීගියා.

සියලු ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු පෙරදැරී කරගෙන ලකුණු 242 ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස සුපිරි පිතිකරු සනත් ජයසූරිය ලකුණු 9 කට දුවද්දී දැවී ගියේ සියලු නරඹන්නන්ගේ හදවත් මොහොතකට නතර කරමින්.

රොමේෂ් කළුවිතාරණට ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 6 ක් පමණයි.

අනතුරුව තෙවන කඩුල්ලට පිටියේ එකතු වූ අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා ලකුණු 125 ක අනර්ඝ සබදතාවක් ගොඩනැගීමට සමත්වුණේ ප්‍රේක්ෂකයින්ට ලෝක ක්‍රිකට් ශූරතාවය ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු ඉහළ නංවමින්.

ඉනිමේ තෙවන කඩුල්ල ලෙස මුළු ලකුණු පුවරුව 148 ක්ව තිබියෙදී අසංක ගුරුසිංහ ලකුණු 65(99) කට යළි ක්‍රීඩාගාරයට යැවීමට පෝල් රයිෆල් සමත් වුණා.

ඉන් අනතුරුව නායක අර්ජුන රණතුංග සමගින් එකතු වී ලකුණු 97 ක නොබිඳුනු විශිෂ්ඨ සබදතාවක් ගොඩනැගූ අරවින්ද ද සිල්වා ලාංකීය ක්‍රිකට් වංශකතාවට අමරණීය දවසක් එකතුකරමින් කුළුදුල් ලෝක කුසලානය දිනා දුන්නේ පන්දුවාර 46.2ක් අවසානයේ දී යි.

අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ අරවින්ද ද සිල්වා පන්දු 124 කදී නොදැවී ලකුණු 107 ක් රැස්ළේ හතරේ පහරවල් 13 ක් ද සමගින්.

නායක අර්ජුන රණතුංග පන්දු 37 කදී නොදැවී ලකුණු 47 යි.

අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ප්‍රබල ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙක මෙසේයි :

Sri Lanka XI :

Sanath Jayasuriya, Romesh Kaluwitharana (wk), Asanka Gurusinghe, Aravinda De Silva, Arjuna Ranathunga (c), Hashan Thilakarathne, Roshan Mahanama, Kumar Dharmasena, Chaminda Vaas, Pramodya Wickramasinghe, Muttaiah Muralitharan

Australia XI :

Mark Taylor (c), Mark Waugh, Ricky Ponting, Steve Waugh, Shane Warne, Stuart Law, Michael Bevan, Ian Healy (wk), Paul Reiffel, Damien Fleming, Glenn MccGrath

 

Leave a comment