Ultimate magazine theme for WordPress.

රාහුල්, ගේල් ඉනිම අරඹන සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් යුත් පංජාබ් සංචිතය මෙන්න

ලෝක ලීග් ක්‍රිකට් තරගාවලි අතරින් ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ක්‍රිකට් සැණකෙලිය ලෙස සැලකෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට අබුඩාබී ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් අටක් එක් ශූරතාවයක් වෙනුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තරග වැදීමට සියලු කටයුතු මේ වනවිටත් සකස් කර අවසන්.

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්වලදී කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට අසමත් වූ බොලිවුඩ් සුපිරි නිලි ප්‍රීටි සින්ටා සම හිමිකාරීත්වය දරන කිංග්ස් එලවන් පංජාබ් කණ්ඩායම ඉතිහාසය අලුතින් ලිවීමේ අරමුණින් මෙවර තරගාවලියට පිවිසෙන කණ්ඩායමක්.

ඔවුන් මීට පෙර තරග වාරයන්හී දී අවසන් ටටය සදහා සුදුසුකම් ලබා ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි.

2008 වසරේ ප්‍රථම වරට පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණා.

එමෙන්ම 2014 වසරේ පැවති තරගාවලියේ දී ඉතාමත් අවාසනාවන්ත ලෙස තරගාවලිය නිමා කිරීමට ඔවුන්ට සිදුවන්නේ අනුශූරයන් බවට පත්වෙමින්.

කෙසේ වෙතත්, කිසි දිනක ඉන්දිය ප්‍රිමියර් ලීග් ශූරතාවයක පහස විඳ ගැනීමට වාසනාවන්ත වී නොමැති කිංග්ස් එලවන් පංජාබ් කණ්ඩායම ලෝකේෂ් රාහුල්ගේ නායකත්වය යටතේ ප්‍රබල ක්‍රීඩක සංචිතයක් සමග මෙවර තරග වාරයට ඉදිරිපත්ව සිටිනවා.

මීට පෙර කණ්ඩායමේ නායකයත්වය දැරූ රවිචන්ද්‍රන් අශ්වින් මෙවර තරග වාරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.

විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු පන්ජාබ් සංචිතයට ඇතුළත් අතර, ඊට ක්‍රිස් ගේල්, ග්ලේන් මැක්ස්වෙල්, ජිමී නීෂම් සහ නිකලස් පූරාන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් අයත්.

පෙර තරග වාරයන් හී දී සිදු වූ දුර්වලතා මෙවර තරගාවලියේ දී වෙනස් කිරීමේ හැකියාවක් ඔවුන්ට ඇති බවටයි ඇතැම් ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී ඇත්තේ.

පන්ජාබ් සංචිතය –

KL Rahul, Karun Nair, Mohammed Shami, Nicholas Pooran, Mujeeb ur Rahman, Chris Gayle, Mandeep Singh, Mayank Agarwal, Hardus Viljoen, Darshan Nalkande, Sarfaraz Khan, Arshdeep Singh, Harpreet Brar, Murugan Ashwin, K Gowtham, J Suchith, Glenn Maxwell, Sheldon Cottrell, Deepak Hooda, Ishan Porel, Ravi Bishnoi, James Neesham, Chris Jordan, Tajinder Dhillon, Prabhsimran Singh, Harpreet Brar.

Leave a comment