Ultimate magazine theme for WordPress.

මහේලගේ මුම්බායි සංචිතය මෙන්න

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වත්මන් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පස්වන වරටත් ශූරතාවය දිනාගැනීමේ අරමුණින් රොහිට් ෂර්මාගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියට පිවිසෙනවා.

මුම්බායි කණ්ඩායම පසුගිය වසර හැරුණු විට 2013, 2015 සහ 2017 යන වසරවලදී ද අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වා තිබුණා.

අඛණ්ඩව සිව්වන තරග වාරයටත් කණ්ඩායමේ පුහුණුකාරීත්වය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් හොඹවන බැවින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වැඩි පිරිසකගේ අවධානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත යොමුවී ඇති බව පැවසීම අතිශ්‍යයෝක්තියක් නොවේ.

පෞද්ගලික හේතුවක් නිසා මෙවර තරගාවලියෙන් ලසිත් මාලිංග ඉවත් වීමත් සමග ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන්ව ආදේශ කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්ව තීරණය කර තිබුණේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන ක්‍රිස් ලින් මිලදී ගැනීමට මුම්බායි කණ්ඩායම කටයුතු කළා.

වේග පන්දු‍ යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් පසුගිය වසරේ දී දිල්ලි කණ්ඩායම නියෝජනය කළ ද මෙම වසරේ දී ඔහු ද නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ මුම්බායි කණ්ඩායමයි.

ඒ අනුව අයි.පී.එල් තරගාවලියේ දී ඔවුන් දෙදෙනා මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති.

විදෙස් ක්‍රීඩකයන් අටදෙනෙකු හා දේශීය ක්‍රීඩකයන් 16 දෙනෙකු සමග සමස්ත ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිසැකවම තරගාවලියට මනා තරගකාරීත්වයක් එක් කරනු නිසැකය.

මුම්බායි සංචිතය –

Batsman –

Rohit Sharma (c), Sherfane Rutherford, Suryakumar Yadav, Anmolpreet Singh, Chris Lynn, Saurabh Tiwary, Anukul Roy, Ishan Kishan (wk), Quinton de Kock (wk), Aditya Tare (wk)

Bowlers –

Dhawal Kulkarni, Jasprit Bumrah, James Pattinson, Mitchell McClenaghan, Rahul Chahar, Trent Boult, Mohsin Khan, Prince Balwant Rai Singh, Digvijay Deshmukh, Jayant Yadav, Nathan Coulter-Nile

All-rounder –

Hardik Pandya, Kieron Pollard, Krunal Pandya, Anukul Roy

Leave a comment