Ultimate magazine theme for WordPress.

තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් 06 දෙනා හා ඔවුන්ගේ දත්ත වාර්තා

නවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකට අවස්ථාව ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා තරගාවලිය සහ මෙවර 20යි විස්ස ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් වඩාත් සමබර හා ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

තරගාවලිය මේ දිනවල මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, හෙට(21) දිනයේ දී තරගාවලියේ 9 වන හා 10 වැනි තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ තරග 8 ක් සාර්ථකව පවත්වා අවසන් වී ඇති අතර අවසන් මහා තරගයට පෙර පැවැත්වීමට නියමිතව ඇත්තේ තවත් තරග 4ක් පමණයි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගෙන සිටින දසුන් ශානකගේ SLC Greys කණ්ඩායම මෙතෙක් මුහුණ දුන් තරග 4 ම ජයග්‍රහණය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට වැඩි අවස්ථාවක් මේ වන විට නිර්මාණය කර ගෙන අවසන්.

තරග 4ම පරාජයට පත්ව ඇති SLC Greens කණ්ඩායමට ද තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සදහා තවමත් ඉතා සියුම් අවස්ථාවක් පැවතීම විශේෂත්වයක්.

මීට පෙර ලිපියකින් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් 06 දෙනා පිළිබඳ තොරතුරු අප ඔබට වාර්තා කළා.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් 06 දෙනා අතරට එක්ව සිටින ක්‍රීඩකයින් පිළිබදවයි.

මෙම ලැයිස්තුවට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද ඇතුළත්ව සිටීම ධනාත්මක කරුණක්.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් 06 දෙනා –

06. මහීෂ් තීක්ෂණ

ක්‍රීඩා කර ඇති තරග ගණන – 3 යි, පන්දුවාර – 11 යි, බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 4 යි, හොඳම පන්දු යැවීම – 2/12 යි, පන්දු යැවීමේ සාමාන්‍ය 16 යි, පන්දුවාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 5.81 යි.

05. පුලින තරංග

ක්‍රීඩා කර තිබෙන තරග ගණන – 4 යි, පන්දුවාර – 14 යි, බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 5 යි, හොඳම පන්දු යැවීම – 3/22 යි, පන්දු යැවීමේ සාමාන්‍ය 21.40 යි, පන්දු වාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 7.64 යි,

04. නුවන් ප්‍රදීප්

ක්‍රීඩා කර තිබෙන තරග ගණන – 4 යි, පන්දුවාර – 13.3 යි, බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 5 යි, හොඳම පන්දුයැවීම – 2/22 යි, පන්දුයැවීමේ සාමාන්‍ය 21.2 යි, පන්දුවාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 7.85 යි,

03. චාමික කරුණාරත්න

ක්‍රීඩා කර තිබෙන තරග ගණන – 2 යි, පන්දුවාර – 08 යි, බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 5 යි, හොඳම පන්දුයැවීම – 3/26 යි, පන්දුයැවීමේ සාමාන්‍ය 12.6 යි, පන්දුවාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 7.87 යි,

02. සීක්කුගේ ප්‍රසන්න

ක්‍රීඩා කර තිබෙන තරග ගණන – 4 යි, පන්දුවාර – 16 යි, බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 6 යි, හොඳම පන්දුයැවීම – 2/9 යි, පන්දුයැවීමේ සාමාන්‍ය 13 යි, පන්දු වාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 4.87 යි,

01. හිමේෂ් රාමනායක

ක්‍රීඩා කර තිබෙන තරග ගණන – 3 යි, පන්දුවාර – 09 යි, බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 6 යි, හොඳම පන්දුයැවීම – 4/31 යි, පන්දුයැවීමේ සාමාන්‍ය 12.83 යි, පන්දුවාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 8.55 යි,

Leave a comment