Ultimate magazine theme for WordPress.

රොබින්සන් ගැන සුබ ආරංචියක්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ගේ ආබාධ තත්ත්වය බරපතල නොවන බව අනාවරණය වී තිබෙනවා.

ඔහු වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

එරට ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ රොබින්සන් සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් Glamorgan කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ සිව්දින තරගයේ දී වම් වළලුකර ප්‍රදේශයේ සුළු ආබාධයකට ලක්ව තිබුණා. ඒ අනුවයි ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණේ.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය යහපත් බැවින් ජූනි පළමු වැනිදා අයර්ලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව රොබින්සන්ට හිමි වනු ඇති.

ඒ අනුව ඔහු මෙම සති අන්තයේ දී එංගලන්ත ටෙස්ට් සංචිතය සමග එක්වීමට ද නියමිතව තිබෙනවා.

Leave a comment