Ultimate magazine theme for WordPress.

PSL අවසන් මහා තරගය අද

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(18) පැවැත්වෙනවා. ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය ලාහෝර් හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

මුල්තාන් කණ්ඩායම (160/5) අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier) ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම (76/10) පරදා ලකුණු 84 ක ජයක් වාර්තා කරමින්.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator 1 තරගය පැවැත්වුණේ පෙෂාවර් සල්මි කණ්ඩායම (183/8) හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම (171/6) අතරයි. එම තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කළ සල්මි කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Eliminator 2 තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව Eliminator 2 තරගය ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණේ Eliminator 1 තරගයෙන් ජය ගත් පෙෂාවර් සල්මි කණ්ඩායම හා Qualifier තරගය පරාජයට පත් වූ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අතරයි.

ලාහෝර් හී දී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සල්මි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලැන්ඩර්ස් පිල ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Leave a comment