Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය අද(16) ප්‍රකාශයට පත් කළා.

මොහමඩ් නබීගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නජිබුල්ලාහ් සඩ්රාන් උප නායකයා ලෙස නම් කර ඇති අතර, Samiullah Shinwari යළි සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ඩුබායි හී දී ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන සංචිතය සදහා අතිරේක ක්‍රීඩකයින් ලෙස Nijat Masoud, Qais Ahmad හා Sharafuddin Ashraf නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇෆ්ඝනිස්තාන සංචිතය –

Mohammad Nabi (C), Najibullah Zadran (VC), Afsar Zazai (WK), Azmatullah Omarzai, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hashmatullah Shahidi, Hazratullah Zazai, Ibrahim Zadran, Karim Janat, Mujib ur Rahman, Naveen ul Haq, Noor Ahmad, Rahmanullah Gurbaz (WK), Rashid Khan, Samiullah Shinwari, Usman Ghani.

ACB
Leave a comment