Ultimate magazine theme for WordPress.

අයර්ලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියට සමු දෙයි

අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමට සටහනක් තබමිනුයි ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ.

මේ වන විට 38 වන වියේ පසුවන ඔහු අයර්ලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2006 වසරේ දී යි.

එක්දින කඩුලු 114 ක් දවා ගෙන ඇති ඔහු ඉතිහාසගත වී ඇත්තේ අයර්ලන්තය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි.

2011 වසරේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව පන්දු 50 කින් කෙවින් ඕබ්‍රයන් වාර්තා කළ ශතකය තවමත් ලෝක කුසලාන තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි වාර්තා අතරට එක්ව ඇත්තේ.

ඔහු මේ දක්වා අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින තරග 153 කට හා 20යි 20 තරග 110 කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී එක්දින ලකුණු 3,619 ක් 20යි 20 ලකුණු 1,973 ක් වාර්තා කර ඇති ඕබ්‍රයන් බිද හෙලා ඇති 20යි 20 කඩුලු ගණන 58 ක්.

අයර්ලන්තය ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ දී ද සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් වුණා.

පළමු ඉනිමේ දී ලකුණු 40 ක් වාර්තා කළ ඔහු, දෙවැනි ඉනිමේ දී ලකුණු 118 ක් රැස් කරමින් ඉතිහාසගත වුණේ අයර්ලන්තය වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.

Leave a comment