Ultimate magazine theme for WordPress.

MI Cape Town සිය පළමු ක්‍රීඩකයින් 5 දෙනා නිවේදනය කරයි

දකුණු අප්‍රිකානු නවතම 20යි 20 ක්‍රිකට් ලීගයට ක්‍රීඩා කරන එම්.අයි. කේප් ටවුන් (MI Cape Town) කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියට පෙර ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් පස් දෙනාගේ නම් අද (11) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා හා නවක පිතිකරු ඩිවෝල්ඩ් බ්‍රේවිස් යන ක්‍රීඩකයින් එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත MI Cape Town කණ්ඩායම විදෙස් ක්‍රීඩකයින් ලෙස ගිවිසුම් අත්සන් කර ඇත්තේ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්, එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන් හා සෑම් කරන් යන ක්‍රීඩකයින් සමගයි.

මෙම ලීග් තරගාවලියේ නීති ප්‍රකාරව තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හයට වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් 5 දෙනෙකු සමග ගිවිසුම් ගත විය හැකියි.

ඉන් ක්‍රීඩකයින් තිදෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය යුතු අතර, එක් ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු විය යුතු බව සදහන්. අනෙක් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොගත් අයෙකු විය යුතුයි.

ජනවාරි මස පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා 20යි 20 ලීගයට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත් කළ පළමු කණ්ඩායම MI Cape Town කණ්ඩායමයි.

ප්‍රධාන (marquee) ක්‍රීඩකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් සමග කණ්ඩායම් මේ වන විට ගිවිසුම්ගත වී ඇති බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ නිවේදනය කළ නමුත්, එම ක්‍රීඩකයින් කවුරුන්දැයි ඔවුන් නිවේදනය කළේ නැහැ.

කෙසේ වෙතත්, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩිවිය වාර්තා කළේ එම ක්‍රීඩකයින් අතරට එංගලන්ත ක්‍රීඩකයින් 11 දෙනෙකු හා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත් බවයි.

Also Read : දකුණු අප්‍රිකා 20යි 20 ලීගයට ශ්‍රී ලංකාවෙන් 10 ක් ; හිමිවන වැටුප මෙන්න

එංගලන්ත ක්‍රීඩකයින් වන ලියම් ලිවින්ග්ස්ටන් හා ජොස් බට්ලර් ඉහළම මිලක් යටතේ ගිවිසුම්ගත වී ඇති අතර, අමෙරිකානු ඩොලර් 500,000 ක (රුපියල් කෝටි 18 ක් පමණ) වටිනාකමක් ඔවුන්ට හිමිව ඇති බව සදහන්.

Leave a comment