Ultimate magazine theme for WordPress.

Watch : මතීෂගේ සුපිරි යෝකර් පන්දුවකට මාක්‍රම් අන්ත අසරණ වූ හැටි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගයේ දී සන්රයිසස් හයිදරාබාද් පිතිකරු ඒඩ්න් මාක්‍රම්ගේ කඩුල්ල දවා ගැනීම සදහා විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(28) සමත් වුණා.

චෙන්නායි හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

සන්රයිසස් හයිදරාබාද් පිළිතුරු ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි ඒඩ්න් මාක්‍රම් ලකුණු 32(26) කට දැවී ගියේ.

පතිරණගේ යෝකර් පන්දුවක් කෙළින්ම මැද ඉන්නේ වැදීම හේතුවෙන් ඔහු දැවී ගියා.

දර්ශන පහතින් –

Leave a comment