Ultimate magazine theme for WordPress.

එංගලන්තයේ දී නිකල්ස් ඇතුළු නවසීලන්ත සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා

නවසීලන්තයේ හෙන්රි නිකල්ස් හා Blair Tickner යන ක්‍රීඩකයින්ට මෙන්ම පන්දු යැවීමේ පුහුණුකරු Shane Jurgensen ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

අද(20) පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී යි ඒ බව අනාවරණය වී ඇත්තේ.

එංගලන්ත තරග සංචාරය යටතේ සසෙක්ස් කණ්ඩායමට එරෙහිව නවසීලන්තය ක්‍රීඩා කරන සිව්දින තරගය ආරම්භ වීමට පෙර මෙම පරීක්ෂණ සිදු කර තිබුණා.

කෙසේ වෙතත්, නවසීලන්ත සංචිතයේ සෙසු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව ද තහවුරු වී තිබෙනවා.

ඒ අනුව සසෙක්ස් කණ්ඩායමට එරෙහි තරගය නියමිත පරිදි පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

කොවිඩ් 19 ආසාදනය වූ තිදෙනාට දින 5ක් හුදෙකලා වී සිටීමට සිදු වනු ඇති.

 

Leave a comment