Ultimate magazine theme for WordPress.

ලුන්ගි එන්ගිඩීට කොරෝනා ; නෙදර්ලන්ත තරගාවලියත් අහිමි වෙයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩීට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ, හේතුවෙන් ඔහුට නෙදර්ලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු වෙනුවට ජූනියර් දලා (Junior Dala) සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ලිසාද් විලියම්ස්ට ද (Lizaad Williams) මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට(26) සෙන්චූරියන් හී දී පැවැත්වීමට නියමිතයි.

South Africa squad:Keshav Maharaj (capt), Daryn Dupavillon, Zubayr Hamza, Reeza Hendricks, Sisanda Magala, Janneman Malan, David Miller, Junior Dala, Dwaine Pretorius, Andile Phehlukwayo, Wayne Parnell, Ryan Rickelton, Tabraiz Shamsi, Kyle Verreynne (wk), Khaya Zondo.

Leave a comment